15 Oct 2026 · 15 minNew
ලංකාවෙන් එන දක්ෂ සංක්රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන්
‘The Road to Australia – ඔස්ට්රේලියාවට මග’ Facebook ප්රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන 'ඔස්ට්රේලියාවට හරි පාරෙන්' මේ විශේෂ සාකච්ඡා මාලාවේ දෙවන කොටසයි මේ. ලංකාවෙන් එන දක්ෂ නිපුනතා සංක්රමණිකයින් අතින් සිදුවන ඇතැම් අතපසුවීම් හේතුවෙන් ඔවුනට පහසුවෙන් ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඇති අවස්තාව අහිමි කර ගන්නවා. ඒ පිලිබදව අප සිදුකරන කතාබහට සවන් දෙන්න. #sbsaudiopodcast







